පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න,පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 3, 2019

පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න,පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී.[Video]

Loading...

‘නිකන් පලයන් යකෝ යන්න පර බල්ලා’ යැයි කියමින් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් භික්ෂූන් වහන්සේ නමකට ඉතා පහත් ලෙස බැණ වැදීමක් සිදු කර තිබේ.
මෙම බැනවැදීම් සිදුකරන ලද්දේ ගම්පොල නාවලපිටිය මාර්ගය අවහිර කරමින් සිදුකරන ලද උද්ඝෝෂණයකදී එහි සිටි භික්ෂුන් වහන්සේ නමක් ඇමතිවරයාට ගත් දුරකථන ඇමතුමක දීය.
මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර ඊට විශාල සංඛ්‍යාවක් ජනතාව ද එක්ව සිටිය අතර භික්ෂූන් වහන්සේලාද පිරිසක් එක්ව සිටියහ.
ඉන් එක් භික්ෂූන් වහන්සේ නමකට ඇමතිවරයා විසින් මෙසේ බැණ වැදුණේය.
ඇමතිවරයා විසින් මෙසේ බැන වැදීමෙන් පසු එහි සිටි සෙසු භික්ෂූන් වහන්සේලා මෙන්ම ජනතාව ද කෝපයට පත්ව ඊට ප්‍රතිචාර දක්වනු ලැබීය.
‘ජනප‍්‍රසාදිනී’ යන ගෞරව නාමය ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දුන්නේ මහා සංඝ රත්නය විසින් බවද ‘පර බල්ලා’ යයි ඇමතිවරයාගෙන් බැනුම් ඇසූ භික්ෂූන් වහන්සේ විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad