
ශ්‍රී ලංකාවේ තිබෙන බුද්ධි අංශවල සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැති බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ අද ( 22) කොළඹ බිෂොප් නිල නිවසේදි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවු අවස්ථාවේදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමිනි.
ඉදිරියේදි සෑම බුද්ධි අංශයක් අතරම මනා සම්බන්ධතාවයක් ඇති කිරීමට පියවර ගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කර එහිදි ප්‍රකාශ කළේය.
එහිදි ඒ මහතා පැවසුවේ පොලිස් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවයි.
මෙම ප්‍රහාර සිදු කළ සංවිධානය මේ වන විට හදුනාගෙන ඇති බවත් ඔවුන් ජාත්‍යාන්තර සහයක් ඇති බවද හදුනා ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
එමෙන්ම එම පුපුරන ද්‍රව්‍ය පරික්ෂා කිරිමේදි ඒ බව තහවුරු වු ඒ මහතා පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වු යුද හමුදාපති මහේෂ් සෙනානායක මහතා පැවසුවේ මෙම අපරාධ වැලැක්වීම සඳහා යුද හමුදාවට බලය ලබා දෙන ලෙසට තමන් ඉල්ලිමක් කර ඇති බවයි.
No comments:
Post a Comment