බෝම්බ පිපිරීම් වීඩියෝ කළ මුස්ලිම්ත රුණයා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

බෝම්බ පිපිරීම් වීඩියෝ කළ මුස්ලිම්ත රුණයා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර.

Loading...
කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලය තුළ හා දෙමටගොඩ මහවිල උiානයේ නිවසක් තුළ පෙරේදා (21 වැනිදා) සිදුවූ බෝම්බ පිපිරීම් සිය ජංගම දුරකථනය මගින් පටිගත කළ සැකකාර මුස්ලිම් ජාතික තරුණයා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (22 දා) අවසර ලබාදුන්නේය.

එම සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී පෙරේදා (22 දා) සිදුවූ අනෙකුත් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර හත මුල සිට අග දක්වා වීඩියෝ ගත කළ දර්ශන ඇතුළත් බව අනාවරණය වූ බවත් පොලිස් අධිකාරිවරයකුගෙන් ලබාගත් රැුඳවුම් නියෝග මත ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අවසර ලබාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එම සැකකරු අධිකරණයේ නිරීක්‍ෂණය සඳහා ලබන 8 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.

-ඒ. ජේ. ඒ. අබේනායක
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad