Loading...
මේ මාසයේ (අපේ‍්‍රල්) මැද වන විට ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (අනාවැකි) උදාරි වර්ණසූරිය මහත්මිය ‘දිවයින’ට පැවැසුවාය.
මේ දිනවල පවතින වියළි කාලගුණය සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසුමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වර්ණසූරිය මහත්මිය ‘අන්තර් මෝසම ක‍්‍රියාත්මක වන මාර්තු, අපේ‍්‍රල් මාසය ලංකාවට අඩුවෙන්ම වැසි ලැබෙන මාසය බවත් මේ දිනවල රත්නපුරය ප‍්‍රදේශයට සුළු වර්ෂාපතනයක් ලැබෙන අතර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි නොලැබෙන බවත් පැවසුවාය. අපේ‍්‍රල් මැද වන විට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද මැයි මාසයේ අග වන විට නිරිත දිග මෝසම සක‍්‍රීය වීමත් සම`ග උණුසුම් දේශගුණය අඩුවිය හැකි අතර මේ උණුසුම අඩු වැඩි වශයෙන් පවතිනු ඇතැයිද වර්ණසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය
රසී වීරසිංහ
-දිවයින පුවත්පත

No comments:
Post a Comment