අද දිනයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ කිසිදු අවදානමක් නැ - ත්‍රිවිධ හමුදාපතිවරු පවසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 12, 2019

අද දිනයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ කිසිදු අවදානමක් නැ - ත්‍රිවිධ හමුදාපතිවරු පවසයි

අද දිනයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ කිසිදු අවදානමක් නොමැති බව ත්‍රිවිධ හමුදාපතිවරු පවසනවා.

ඔහුන් පෙන්වා දෙන්නේ දිවයිනේ සියලු ස්ථානවල ආරක්ෂාව තරකර ඇති බවයි.

ඒ හේතුවෙන් කිසිදු බියකින් තොරව තම දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස ත්‍රිවිධ හමුදාව දෙමව්පියන්ට දැනුම් දෙයි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පැවසුවේ, පැතිර කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

“ජනතාවට අනවශ්‍ය ලෙස භිෂණයක් බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. බය නැතුව පාසල්වලට දරුවන්ව යවන්න. අනවශ්‍යය බියක් දැකකා. පාසල්වලට දරුවන්ව එව්වේ නැහැ”

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක තහවුරු නොවූ තොරතුරු සම්බන්ඡයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි.

“මහජනතාව අනවශ්‍ය බියකින් ඉන්නේ. බට පිරිස් යොදවලා තියෙනවා. බය වෙන්න එපා… තහවුරු නොවු තොරතුරු අනුව බිය නොවි තමන්ගේ වැඩ කරගෙනයන්න”

No comments:

Post a Comment

Post Bottom Ad