ඊයේ(28) දින සිට සතියක කාලයක් යන තුරු කිසිදු විත්තිකරුවෙකුට මරණීය දණ්ඩනය ලබා නොදෙන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබ්. තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ ප්‍රතිඥා ලබාදී තිබේ.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමන් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පුවත් පත් කතුවරයෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබූ අතර අභියාචනාධිකරණය මගින් නිකුත් කළ නොතීසියක් හේතුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරය හමුවේ පෙනී සිට තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමාට නිල වශයෙන් මෙතෙක් කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවත් අද සිට සතියක් ගතවන තුරු කිසිඳු විත්තිකරුවෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්ම නොකරන බවට තමා ප්‍රතිඥාවක් ලබාදෙන බවත්ය.
එම ප්‍රතිඥාව පිළිගනිමින් අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොට සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල දන්වා සිටියේ අදාල පෙත්සම යලි සළකා බැලීම ජූලි මස 2 වැනිදා සිදුකරන බවය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ තීන්දුවකට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යෑමට අධිකරණයකට බලයක් නොමැති බවය. විනිසුරුවරුන් පවසා සිටියේ පෙත්සම් විභාගය අතරතුර එම විරෝධතාව මතුකරන ලෙසය.
කෙසේ වෙතත් පෙත්සම්කරු පවසා සිටින්නේ පුද්ගලයන් 4 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්ම කිරීමට තමා අත්සන් තබා ඇතැයි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති බවත් එම තීන්දුව ක්‍රියාත්මක වුවහොත් එමඟින් දැඩි මානව හිමිකම් කඩවීමක් සිදුවන බවත් ය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ නීතිපතිවරයා නම්කර තිබේ.

No comments:
Post a Comment