පාස්කු බෝම්බ කමිටුව පැරදවූ බදියුදීන් සියළු කුණු හෝදාගෙන ජය කොඩිය ඔසවා බදියුදීන් යන්න යයි.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

පාස්කු බෝම්බ කමිටුව පැරදවූ බදියුදීන් සියළු කුණු හෝදාගෙන ජය කොඩිය ඔසවා බදියුදීන් යන්න යයි.[Video]

Loading...

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඊයේ දිනයේ හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා කැඳවනු ලැබීය.

හමුදාපතිවරයාට දුරකථනයෙන් තුන්වරක් ඇමතු හේතුව, අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ‍්‍රාහීම් සමග ඇති සබදතා ගැන එහිදී කමිටු සාමාජිකයක් ප‍්‍රශ්න කල අතර ඒවාට බදුර්දීන් මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

කෙසේ වෙතත් මෙම කමිටුව විසින් බදුර්දීන් මහතාගෙන් ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලාවක් පළ වන්නේ විවේචනාත්මක අදහස්ය.

බදුර්දීන් මහතා ද ආණ්ඩුව නියෝජනය කරන අතර කමිටුවේ සිටි ජවිපෙ මන්ත්‍රීවරයා හැර සෙසු සියළු දෙනා ආණ්ඩුව නියෝජනය කරති.

සමාජ ජාලයන්ට ඇතමුන් මත පළකර ඇත්තේ කමිටුව විසින් කැදවූ රාජ්‍ය නිලධාරීන්ගෙන් අසන ලද අසීරු හරස් ප්‍රශ්න ආකාරයේ ප‍්‍රශ්න කිරීම් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගෙන් කිසිදු අවස්ථාවක සිදු නොකල බවයි.
-lankasinhlanews

No comments:

Post a Comment

Post Bottom Ad