සජිත් කූරගල විහාරස්ථානය ලයිට් කපයි.’,රවීගෙන්-ඉරාජ්ගෙන් දරුණු චෝදනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

සජිත් කූරගල විහාරස්ථානය ලයිට් කපයි.’,රවීගෙන්-ඉරාජ්ගෙන් දරුණු චෝදනාවක්


Loading...
බලංගොඩ කූරගල විහාරස්ථානයට විදුලිබලය ලබාදීම සඳහා දරමින් තිබූ උත්සාහයට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බාධා එල්ල වී ඇති බව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

විදුලිබල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතා විසින් කූරගල පන්සල සඳහා විදුලිය ලබා දීමට උපරිම මැදිහත් වීම් කරමින් තිබූ අවස්ථාවක මෙම බාධා කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එල්ලවූ බව ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ‘බෞද්ධ සජිත් කූරගල ලයිට් කපයි’ ශීර්ෂය සහිතවයි.

ඇමැති රවි කරුණානායක මහතාද සඳහන් කරන්නේ තම පාර්ශවයෙන් මේ සඳහා ගත් උත්සාහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් නතර කර ඇති බවයි.

මෙය දේශපාලන කටයුත්තක් නොවන නිසා වහාම විදුලි බලය ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලයි.
-lankasinhalanews




No comments:

Post a Comment

Post Bottom Ad