"ජනතාව ඉවසිය යුත්තේ තව මාස තුනයි - රටට අවශ්‍ය කොන්ද පණ තියෙන නායකයෙක් අපි බලයට ගේනවා" - රතන හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

"ජනතාව ඉවසිය යුත්තේ තව මාස තුනයි - රටට අවශ්‍ය කොන්ද පණ තියෙන නායකයෙක් අපි බලයට ගේනවා" - රතන හිමි

ටේ ජනතාව තව ඉවසිය යුත්තේ මාස තුනක් බවත් ඉන්පසු කොන්ද පණ තියෙන නායකයෙක් රටේ ජනධිපති ධූරයට පත් කර ගැනීමට හැකි බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

වත්මන් ජනාධිපතිවරයා තීන්දුගත නොහැකි ඉතා දුර්වල පාලකයෙක් වීම පිලිබඳ තමන් කණගාටුවට පත් වන බවද උන්වහන්සේ සඳහන් කරයි.

උන්වහන්සේ මෙම අදහස් පල කලේ කාලින වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද සඳහන් කරන ලදී.

"රට තුල එක නීතියක්, අධිකරණ ක්‍රමයක් ස්ථාපිත කල හැකි, මද්‍රසා පාසල් වසා එහි සිසුන් රජයේ පාසල් වලට ඇතුලත් කල හැකි, නැට්ට විසින් ඔලුව වන වන මැතිවරණ ක්‍රමය වෙනස් කොට සුළු ජාතික පක්ෂ මත යැපෙන ක්‍රමය වෙනුවට ප්‍රධාන පක්ෂ වලට ස්ථාවර ආණ්ඩුවක් පිහිටු විය හැකි මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට පුළුවන් නායකයෙක් මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතුයි. එසේ නොවුනහොත් රට තව තවත් ආගාදයට යන එක වලක්වන්නට බැහැ. ඒ සඳහා ජනතාව සමඟ ජනතා බලවේගයක් මම ගොඩ නගනවා."

-ඒෂියන් මිරර්


No comments:

Post a Comment

Post Bottom Ad