ඒ සඳහා වන යෝජනාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී ඒකමතිකව සම්මත කර ඇත.
එම යෝජනා සම්මතයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකයා ලෙස යෝජනා සම්මත කරගනු ලැබීය.
එම රැස්වීමට සහභාගි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් කියා සිටියේ වෙල්ගම මහතා කුමන අදහසක් දැරුවද තමන් සියලු දෙනාගේ අදහස වන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවයි.
ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් එකහෙලාම කටයුතු කිරීමට තමන් සූදානම් බවද ඔවුහු කියා සිටියහ.


No comments:
Post a Comment