කෙසේ වෙතත් ඉදිරි සතියක කාලය තුළ එල්ලුම්ගස ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය ඉදිරියේ සහතික කර තිබේ.
මේ අතර බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ලේඛනය මේ වන තුරු බන්ධනාගාරයට ලැබී නැති බවයි.
නිල නොවන තොරතුරු අනුව අත්සන් තබන ලද සිව්දෙනා වන්නේ සිංහල ජාතිකයන් දෙදෙනකු එක් දෙමළ ජාතිකයකු හා මුස්ලිම් ජාතිකයෙකු ය.
නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද මරණ දඬුවම නියම වී ඇති වරදකරුවන් විසි දෙනෙකුගේ ලැයිස්තුවකින් හතරදෙනෙකුය අත්සන් තබා ඇති බව ද සඳහන්ය.
එම විසි දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වී එල්ලා මැරීමට නියම කර ඇති පිරිස වෙයි.
එසේ ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති නම් ලැයිස්තුව මෙසේ වෙයි.
එම්.කේ. පියතිලක
එම්. ධර්මකරන්
එච්.එස්.එම්. මස්තාර්
ජේ.ඒ. බූට්
බී.ජී. බොල්සිං
එස්. පුණ්‍යමූර්ති
කේ.එම්. චමින්ද
එස්. ගනේෂන්
ඩබ්. විනයාගමූර්ති
එස්.ඒ. සුරේෂ් කුමාර්
එම්. කුමාර්
එස්. මසාර්
ඩබ්.ඒ. රංග සම්පත් ෆොන්සේකා
එස්. මුහම්මද් ජාන්
පෙරුමාල් කනේෂන්
ආර්.පී. සුනිල් කරුණාරත්න
සෙයිඩ් මොහොමඩ් උවයිස්
එම්.එස්.එම්. මිස්වර්
පී. කැමිලස් පිල්ලෙයි
පවුල් හමීඩ් හජමුල් නියා


No comments:
Post a Comment