අපද්‍රව්‍ය සහිත කන්ටේනර් තුළින් දැඩි දුඟදක් වහනය වන බවට අනාවරණය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 25, 2019

අපද්‍රව්‍ය සහිත කන්ටේනර් තුළින් දැඩි දුඟදක් වහනය වන බවට අනාවරණය වෙයි


බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් තුළින් දැඩි දුඟදක් වහනය වන බවට අනාවරනය වෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් කොළඹ වරායේ පවතින බව ද ඔහු සඳහන් කළා.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයට අනුබද්ධ ලොව අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අත්සන් කර ඇති බ්‍රසල් සම්මුතියේ ජීනීවාහි පිහිටි මූලස්ථානයට පැමිණිලි කළ බව ද අජිත් වීරසුන්දර මහතා කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad