2005-2010දීත් සහාය දුන්නේ දිනන මහින්දටයි.. මෙවරත් අපේ සහාය දිනන අපේක්‍ෂකටයි..- එජාප ගැටුම මැද බදියුදීන් තීරණාත්මකව වැට උඩට නගී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 4, 2019

2005-2010දීත් සහාය දුන්නේ දිනන මහින්දටයි.. මෙවරත් අපේ සහාය දිනන අපේක්‍ෂකටයි..- එජාප ගැටුම මැද බදියුදීන් තීරණාත්මකව වැට උඩට නගී..

තම පක්ෂය සැමදාම සහයෝගය දුන්නේ ජයග්‍රහණය කරන කණ්ඩායමට බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.
2005දීත්, 2010දීත් මහින්ද රාජපක්ෂ මහතාටත් 2015දී මෛත‍්‍රිපාල සිරිසේන මහතාටත් සහයෝගය දුන් බවත් ඔවුන් ජයග‍්‍රහණය කල බවත් ද ඇමතිවරයා පැවසීය.

ඒ ආකාරයෙන්ම මෙවර ජනාධිපතිවරණයේදීද තම පක්‍ෂයේ සහයෝගය දෙන්නේ ජයග‍්‍රහණය කරන කණ්ඩායමට බවද ඔහු පැවසීය.

ඒ සඳහා සියලු පක්ෂ ජනාධිපති අපේක්ෂකයන් නම් කරන තුරු බලා සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිය පක්‍ෂයේ මතය මාධ්‍ය වෙත පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය

No comments:

Post a Comment

Post Bottom Ad