නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව සිටින බවට වන ප‍්‍රකාශය සත්‍ය විය හැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
එළැඹෙන 11 වැනි දාට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.
හිරු රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයගත හැකි මට්ටමක් මේ වන විට නැතැයි ද ඔහු පැවසීය.
කෙසේ නමුත් අප්‍රේල් 21දා වනවිට මෙරට ජනප්‍රියම නායකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිටි නමුත් ප‍්‍රහාරයත් සමග එම තත්වය වෙනස් වූ බවද ඔහු කියා සිටියේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් එක් වීමට සූදානමක් ඇති බව ද පැවසූ ඔහු කවුරු ගියත් තමන් තනිවම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටින බවද පැවසුවේය.
Sunday, August 4, 2019
Home
ප්රවෘත්ති
ශ‍්‍රීලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ.. ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා.. මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා..- අමරවීර
ශ‍්‍රීලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ.. ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා.. මං තනිවම හෝ ශ‍්‍රීලනිපයේ ඉන්නවා..- අමරවීර
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment