කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා නැවතත් ඒ මහතාම පත්වීමට නියමිතය.
මේ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වන අතර සන්ධානයේ නායකයා ලෙස ජනාධිපතිවරයාට හා මහ ලේනම් මහින්ද අමරවීරට ඒ සඳහා පුද්ගලයකු පත් කිරීමට හැකියාව ලැබී තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ශාන්ත බණ්ඩාර මහතා සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ 05 වැනිදාට දින යොදා බැවින් එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවත් නැවත 07 වැනිදා ලෙස දින යොදා එයටද යලි අත්සන් ගෙන ඇති බවත්ය.
මේ හේතුවෙන් ශාන්ත බණ්ඩාර මහතාට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇත්තේ සාලින්ද දිසානායක මහතා අභාවප‍්‍රාප්ත වන විට ශාන්ත බණ්ඩාර මහතා මන්ත‍්‍රී ධුරයක් දරමින් සිටි නිසාවෙනි.


No comments:
Post a Comment