ජවිපෙ මැතිවරණවලට තරග නොකරන්න තීරණය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 3, 2019

ජවිපෙ මැතිවරණවලට තරග නොකරන්න තීරණය කරයි

දිරි කිසිදු මැතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස තරග නොකිරීමට තීරණය කොට තිබේ.

ජවිපෙ ඉදිරි මැතිවරණවලට තරග කරන්නේ ජාතික ජන බල පෙරමුණ නමින් පිහිටුවනු ලබන දේශපාලන සංවිධානයෙන් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බල පෙරමුණ ඡන්ද ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කොට ඇති බවද ප්‍රකාශ කළ ඔහු, ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 15-20ක් අතර ප්‍රමාණයක් ඉලක්ක කර ඇති බවද කියයි.

දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ලාල්කාන්ත මහතා පැවසීය.

අනාගතයේදී දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂ හා කුමන ආකාරයේ සන්ධානගත වීමක් සිදු නොකිරීමටද ජාතික ජන බල පෙරමුණ තීරණය කොට තිබේ.

(අරුණ)


No comments:

Post a Comment

Post Bottom Ad