"ශ‍්‍රී ලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ,ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා."-අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 4, 2019

"ශ‍්‍රී ලනිපයට තනිව ජනාධිපතිවරණය දිනන්න බෑ,ශ‍්‍රීලනිප පිරිසක් එජාපයත් පිරිසක් පොහොට්ටුවටත් යනවා."-අමරවීර

Loading...

නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව සිටින බවට වන ප‍්‍රකාශය සත්‍ය විය හැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ(4)තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයගත හැකි මට්ටමක් මේ වන විට නැතැයි ද ඔහු පැවසීය.
කෙසේ නමුත් අප්‍රේල් 21දා වනවිට මෙරට ජනප්‍රියම නායකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිටි නමුත් ප‍්‍රහාරයත් සමග එම තත්වය වෙනස් වූ බවද ඔහු කියා සිටියේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් එක් වීමට සූදානමක් ඇති බව ද පැවසූ ඔහු කවුරු ගියත් තමන් තනිවම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටින බවද පැවසුවේය.
-වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad