අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියා බෙදා දෙන්නැයි ඉල්ලයි.[video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියා බෙදා දෙන්නැයි ඉල්ලයි.[video]

Loading...

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම ගණනේ පොලිසිය විසින් ප්‍රකාශයක් වත් සටහන් කර ගන්නේ නැතුව එතුමාව නිදහස් කළා. පොලිසියට අයිති දෙයක් නෙමෙයි කෙනෙක් නිදහස් ද නැද්ද කියන එක.

පොලීසිය කළ යුත්තේ විමර්ශණයේ තොරතුරු උසාවියට වාර්ථා කිරීමයි. උසාවියිය තීරනය කල යුත්තේ නිදොස්ද නැද්ද කියන එක. රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයාගේ කුණු සේදීීම සදහා බිහි කල කුණු ලොන්ඩරිය නමින් රට දන්නා තේරීම් කාරක සභාව සිය වාර්තාව දෙන්නත් කලින් එයාට ඇමති ධූරයකුත් ලැබුණා.

රිෂාඩ්ට එක නීතියකුයි අනිත් අයට තව නීතියකුයි තිබෙන්න බෑනෙ. ඒ නිසා කඩු බෙදා දීමේ ජාතික උත්සවයක් පවත්වලා, කඩු අත්අඩංගුවට ගැනීම ගැන සමාව අයදිමින් රට පුරා අත්අඩංගුවට ගත් කඩු තොග අයිතිකරුවන්ටම බෙදා දෙන්න කියලා අපි යෝජනා කරනවා.

ඒ වගේම අත්අඩංගුවේ සිටින ජාතික තහුහිඩ් ජමාත් සාමාජිකයන්ද ඇතුළු ත්‍රස්තවාදි සැකකරුවන් වන්දි සමග නැවත පවුලේ සාමාජිකයින්ට උත්සවාකාරයෙන් භාර දෙන්න කියලා අපි යෝජනා කරනවා.

වන්දි ගෙවීම සදහා දැන් හානි පූර්ණ කාර්යාලය කියල එකකුත් පිහිටුවලා තියෙනවානේ. එය යටතේ දැන් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමද නීත්‍යනුකූල වී තිබෙනවා. ඒකත් මදි නම් පාස්කු ඉරිදා පල්ලි ගිය සියළුම දෙනා වැරදි වෙලාවේ වැරදි ස්ථානයේ සිටීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නත් පුළුවන්.

– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad