භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් මෙම ඉදිකිරීම සිදුකර ඇති අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුනා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසුවේ සමරු ඵලකය වෙනුවෙන් එතරම් මුදලක් වැය කළේ එය ජල පෙරණ ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 500 වැන්න වීම නිසා විශේෂයක් සිදුකිරීමට බවයි.
මේ අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පසුගිය වසරේදී සමාජ සත්කාර වියදම් බව කියමින් රුපියල් ලක්‍ෂ 79කට වැඩි මුදලක් වැය කර ඇති බවත්, එය එම ආයතනය දැරිය නොයුතු තරමේ වියදමක් බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙන බවත් පෙන්වා දුන් සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවන් තත්වයක් තුල මේ වසරේදී සමාජ සත්කාර වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 350ක් වෙන් කර තිබෙන බවයි.


No comments:
Post a Comment