තමුසේ මහා අවස්ථාවාදියෙක් - රාජිත හකීම්ගේ පතුරු අරී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 21, 2019

තමුසේ මහා අවස්ථාවාදියෙක් - රාජිත හකීම්ගේ පතුරු අරී !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පෙරේදා (19) පැවති පූර්ව කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රවුෆ් හකීම් අමාත්‍යවරයාට ඉතාම දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් අතර පැවති මෙම රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව රවුෆ් හකීම් මහතා වේගවත් අදහස් දැක්වීමක් සිදුකර තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න මහතා "තමුසෙලාට මුල මතක නෑ. තමුසෙලා අද ඔය තනතුරුවල ඉන්නේ 2015දී විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා පොරොන්දුවෙලා ආණ්ඩුවක් හදාගත්තු නිසා. 2015 ජනාධිපතිවරණෙදි ඒක තමයි ප්‍රධාන පොරොන්දුව වුණේ. තමුසෙටත් ඒකට සදාචාරාත්මක වගකීමක් තියෙනවා. අද මොකුත් දන්නෙ නෑ වගේ මෙතන ඒකට විරුද්ධ වෙන්නේ. තමුසෙ මහ අවස්ථාවාදියෙක්" යනුවෙන් දැඩි විවේචනයක් එල්ල කර ඇත.

කෙසේවෙතත් කැබිනට් රැස්වීමෙන් අනතුරුව ද හකීම් අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ප්‍රකාශයක් මාධ්‍ය වෙත ලබාදී තිබුණු අතර පසුව එය පක්ෂය තුළ දැඩි ආන්දෝලනයකට ලක්වීම නිසා එය තමන් අතින් සිදුවූ වරදක් බව ඔහු පිළිගෙන තිබේ.

අග්‍රාමාත්‍යවරයා හමුවී මේ සම්බන්ධයෙන් සමාව ගැනීමට ද තමන් සූදානම් බව ඔහු එජාපෙ ඉදිරිපෙළ අමාත්‍යවරුන් පිරිසක් සමඟ ප්‍රකාශ කර ඇති බව ද වාර්තා විය.


No comments:

Post a Comment

Post Bottom Ad