‘මාධ්‍ය අරුණ’ උත්සවය අවලංගු කරයි.. ජනපතිට විරෝධය පෑමක්ලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

‘මාධ්‍ය අරුණ’ උත්සවය අවලංගු කරයි.. ජනපතිට විරෝධය පෑමක්ලු

මාධ්‍යවේදීන් වෙත ජන මාධ්‍ය අමාත්‍යංශය විසින් මේ මස 20 වැනි දින ලබාදීමට නියමිතව තිබූ ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය විෂය භාර රජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාට පැමිණීමට නොහැකි බැවින් අවලංගු කරන ලෙස දන්වා තිබේ.

මීට මාස දෙකකට පෙර මෙහි සම්මුඛ පරික්ෂණ පවත්වා මාධ්‍යවේදීන් දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් තොරාගෙන ඇති අතර ඔවුන්ට මේ මස 20 වැනි දින පෙරවරු 10 පැවැත්වෙන එම ලිපි ප්‍රදානය කිරීමට සහභාගි වෙන ලෙස දන්වා තිබිණි.

මේ වන විට අමාත්‍යාංශ නිලධාරීන් විසින් ණය යෝජනා ක්‍රමයට තෝරාගත් මාධ්‍යවේදීන්ට දුරකතන ඇමැතුම් ලබා‍දෙමින් අවලංගු කිරීම දැනුම් දුන්නද ඇතැම් මාධ්‍යවේදීන්ට මේ වෙන තෙක් ඒ පිළිබඳව දැනුම් දී නොමැත.

මීට පෙර මෙම ලිපි තැපැල් මාර්ගයෙන් මාධ්‍යවේදීන් නිවෙස්වලට යවා ඇති අතර මෙවර ඇමැතිවරයාගේ ඉල්ලීම පිට උත්සවයක් සූදානම් කිරීමට සිදු වූ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැතිවරයා විදෙස් ගත වන හෙයින් අවලංගු කරන ලෙස දන්වා තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඇති තිබෙන ගැටුම්කාරී තත්ත්වය නිසා ඊට විරෝ්දය පෑමක් ලෙස මෙය අවලංගු කිරීමට කටයුතු යොදා ඇති බවට මාධ්‍ය කේෂ්ත්‍රයේ කතා බහට ලක්වෙමින් තිබේ.

යළි මෙම උත්සවය පවත්වන දිනයක් පිළිබඳව දන්වා නැතැයිද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

– repoter


No comments:

Post a Comment

Post Bottom Ad