"පහුගිය කාලේ රාජපක්ෂලාට බැන්නා, දැන් සජිත්ට බනිනවා ෆොන්සේකා දේශපාලනය නොකර හිටියා නම් හොදයි" - සුජීවගෙන් ෆොන්සේකාට ප්‍රහාරයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

"පහුගිය කාලේ රාජපක්ෂලාට බැන්නා, දැන් සජිත්ට බනිනවා ෆොන්සේකා දේශපාලනය නොකර හිටියා නම් හොදයි" - සුජීවගෙන් ෆොන්සේකාට ප්‍රහාරයක් !

සුගිය සමයේ එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නියෝජනය කරමින් එජාප මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදු කළ ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන්නා.

එම ප්‍රකාශයන්ට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පැවසූවේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනය නොකලේ නම් හොද යැයි සිතෙන බවයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් නොවන අමාත්‍යවරයා,

"ෆොන්සේකා මහත්තයා පහුගිය කාලේ රාජපක්ෂලාට බැන බැන හිටියා, දැන් සජිත් ප්‍රේමදාස මහත්තයට බනිනවා. එන මාසේ කාට බනිවීද දන්නේ නෑ. අපිටත් දැන් හිතෙනවා දේශපාලනය නොකර හමුදාවෙ දෙයක් බලාගෙන හිටියා නම් හොදයි කියලා." යනුවෙන්ද ප්‍රකාශ කළා.


No comments:

Post a Comment

Post Bottom Ad