ජනාධිපතිවරණයේ මහා ඡන්ද කොල්ලයකට සූදානම්.. තේරීම් බාර නිලධාරීන් 16ක් හදිසියේ පත් කරන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ජනාධිපතිවරණයේ මහා ඡන්ද කොල්ලයකට සූදානම්.. තේරීම් බාර නිලධාරීන් 16ක් හදිසියේ පත් කරන්න යයි

දිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිත දිසාපතිවරුන් 16ක් කෘත්‍රිම චෝදනා ඉදිරිපත් කරමින් සංචිතයට යවන්නේ ඡන්ද මංකොල්ලයකට මේ ආණ්ඩුව සූදානම් වන නිසා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“වජිර අබේවර්ධන ඇමැතිවරයා පසුගිය සතියේ එක්තරා මාධ්‍ය ආයතනයක සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවේදීන් පිරිසක් කැඳවා, ඔවුන් සතුටු කරවා, ව්‍යාජ ප්‍රවෘත්තියක් ඒ මාධ්‍ය මඟින් පළ කරවා ගෙන තිබෙනවා. ඒ ප්‍රවෘත්තිය තමයි ‘දිසාපතිවරුන් 16කට අධික පිරිසකට දූෂණ චෝදනා එල්ලවී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ සිදු කරනවා’ කියා. ඊට පසුව තවත් පුවත්පතක පළ වෙනවා, ‘දූෂණ චෝදනා ලබපු දිසාපතිවරුන් 16 දෙනෙක් සංචිතයට දැමීමට තීරණය කළා’ කියා.

අපි මේ පිළිබඳව සොයා බැලුවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෝ වෙනත් තැනකට දිසාපතිවරු 16කගේ ක්‍රියාකලාපය ගැන පැමිණිලි ලැබී නැහැ. එහෙම පරීක්ෂණ සිදු වෙන්නෙත් නැහැ. ඒ නිසා අපට පෙනී ගියා ‘මේ කෘත්‍රිමව හදපු චෝදනා’ කියලා.

තමන්ට උවමනා විදියට නටවන්න බැරි දිසාපතිවරු 16 දෙනෙක් සංචිතයට යවලා තමන්ට නටවා ගන්න පුළුවන් 16ක් ඒ තනතුරුවලට දමන්නයි මේ හදන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් වන්නේ දිසාපතිවරුනුයි. තමන්ට උවමනා විදිහට මෙමගින් රූකඩ ටිකක් පත්කරගෙන ඡන්ද වංචාවකටයි සැරසෙන්නේ.

තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කෙරන ජනාධිපතිවරණයේදී ඡන්ද මංකොල්ලකෑමටයි මේ සූදානම් වෙන්නේ. මේ කටයුත්ත වහා නවතන ලෙස අප ආණ්ඩුවට බලකර සිටිනවා. එසේ නොවුණහොත් අපි ඊට එරෙහිව සටන් වැදීමට සූදානම්.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ


No comments:

Post a Comment

Post Bottom Ad