ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ මහ මොලකරු සහරාන්ගේ බිරිඳගෙන් තවත් පැය දෙකක රහස් ප්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ මහ මොලකරු සහරාන්ගේ බිරිඳගෙන් තවත් පැය දෙකක රහස් ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා ඊයේ දිනයේදීත් අධිකරණය හමුවේ පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ ඇය මෙම රහස් ප්‍රකාශය ලබාදුන් බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින එම සැකකාරියගෙන් අධිකරණය මීට පෙර අවස්ථා දෙකකදී රහස් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සහරාන්ගේ සිව් හැවිරිදි දියණිය ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් වෙත භාර දීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියම කළා.


No comments:

Post a Comment

Post Bottom Ad