අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කරන මෙන් සිංගප්පූරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට නීතිපතිවරයා කටයුතු කර තිබෙනවා. නීතිපතිතුමාගේ කාරයක්ෂම භාවය මෙන්ම ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳ අපේ විශාල ගෞරවයක් තිබෙනවා.
ආණ්ඩුව පැත්තෙන් නම් මේක අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමක්.
2016 නොවැම්බර් 8 දින රූපවාහිනි විවාදයක දී අර්ජුන් මහේන්ද්‍රන් පැන යෑමේ අවදානමක් තිබෙන නිසා විදෙස් ගමන් තහනම් නියෝගයක් ගන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලුවා. ඒක කලේ නෑ. 2017 08 15 “බැඳුම්කරේ – කාගේ කරේ” සම්මන්ත්‍රණයේ දී අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවෙන් පැන යෑමට සූදානම් වන බවත් වහාම අත්අඩංගුවට ගෙන විදෙස් ගමන් තහනම් කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව එය කලේ නෑ. කලේ නෑ නොවෙයි කරන්න බෑ. තමන් අත්අඩංගුවට ගත්තොත් බැඳම්කර වංචාවේ පිටුපස සිටින දේශපාලකයින්ව හෙලි කරන බවට ර්තජනය කළ නිසා එම තර්ජනයෙන් බියෙන් සලිත වෙච්ච ආණ්ඩුවේ නායකයෝ ඔහුව අත්අඩංගුවට ගන්නේ නැතුව හෙමිහිට රටින් පිටත් කළා.
අපි අරජුන් මහේන්ද්‍රන්ට කියන්නේ ඔබ ලෝකයේ මොන මුල්ලේ සැඟ වී සිටියත් අපේ ආණ්ඩුවක් යටතේ ලංකාවට කුදලා ගෙන ඇවිත් දඬුවම් කරනවාමයි. කේපී ලංකාවට ගෙනාපු විධිය මතකනෙ. අන්න ඒ ඉරණම තමයි මහේන්ද්‍රන්ට අත් වෙන්නේ. ආණ්ඩු පෙරළියෙන් පස්සේ අරජුන් මහේන්ද්‍රන් මහතා ලෝකේ කොහේ හිටියත් නිදාගන්න කොට ලංකාවේ ජාතික හැදුනුම්පත දාගෙන නිදාගන්න එක සැපයි. මොකද එතුමන් ඇහැරෙද්දී ලංකාවේ ඉන්න බොහෝදුරට ඉඩ තිබෙන නිසා.
– අරවින්ද අතුකෝරල


No comments:
Post a Comment