එජාපයෙන් නොදුන්තොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ස්ථිරයි.. කෝටි ගාණකට පක්‍ෂයක් මිලට ගන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

එජාපයෙන් නොදුන්තොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ස්ථිරයි.. කෝටි ගාණකට පක්‍ෂයක් මිලට ගන්න යයි

ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් නොලැබෙන්නේ නම් නව පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තමන් වගකීමෙන් පවසන බව මාතලේ නගරාධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති අපේක්ෂකත්වය සුදුසු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙනු ඇතැයි තව දුරටත් විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.

‘සජිත් එනවා’ මීළඟ ජන රැලිය මාතලේ නගරයේ පැවැත්වීමට සූදානම් කරමින් තිබෙන බවද අලුවිහාරය මහතා සඳහන් කළේය.

මේ අතර වාර්තා පලවන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම සඳහා රාජාලියා ලකුණ සහිත පක්ෂ සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.

පක්‍ෂයක් මිලට ගැනීමටද එජාප කැරලිකාරයන් කඩිමුඩියේ කටයුතු කරමින් ඇති බවද නිල නොවන වාර්තා කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad