ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිිරි ක්‍රීඩකයෙකු වන මොහොමඞ් සාමි අත්අඩංගුවට ගැනීම සඳහා බටහිර බෙංගාල අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ, සිය බිරිද විසින් ගොණු කරන ලද ගෘහස්ථ හිංසනයට අදාළ පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේදීයි.
මොහොමඞ් සාමිගේ බිරිද විසින් ඉකුත් මාර්තු මාසයේදී ඔහුට එරෙහිව අපරාධ චෝදනා සහිත නඩුවක් ගොණු කළා. ඒ, ඝාතනය කිරීමට තැත් කිරීම කෲරත්වය සහ ප‍්‍රචණ්ඩත්වය යන චෝදනා ඇතුළත් කරමින්.
ඒ අනුව අධිකරණය දැනුම් දී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිම කර දින 15 ක් තුළ මොහොමඞ් සාමි අධිකරණයට භාර විය යුතු බවයි.

No comments:
Post a Comment