Loading...
කුරුණෑගල දී පැවැත්වීමට නියමිතව ඇති ‘සජිත් එනවා’ එජාප කැරලිකාරයන්ගේ රැස්වීම නොපවත්වන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දන්වා තිබේ.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ අගමැතිවරයා විසින් දැනටමත් ඒ බව සජිත් පාර්ශ්වයට වෙත දැනුම්දී ඇති බවයි.
එනමුත් පක්ෂ නායකයාගේ නියෝගය නොතකා කුරුණෑගල රැලිය පැවැත්විමට උත්සාහයක් ඇති බවද ඔහු පැවසීය.
පක්ෂ නායකයාගේ උපදෙස් නියෝජ්‍ය නායකයා විසින් පිලි නොපදින්නේ බල පොරය නිසා විය හැකි බවද ඔහු කියා සිටියේය.
-lankasinhalanews

No comments:
Post a Comment