Loading...
මහජන බැංකු පනත සංශෝධනය කිරීම තුළින් එය පෞද්ගලිකරණය කිරීමට මුදල් අමාත්‍යවරයා සූදානම් වන බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.
කොළඹදී ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවකදී ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජිත් සේනානායක මහතා ප‍්‍රකාශ කළේ පවතින රජයේ වැරදි ආර්ථික උපාය මාර්ග නිසා මෙම තත්ත්වයන් උද්ගතව ඇති බවයි.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සේනානායක මහතා මෙසේ ද කියා සිටියේය.
2018 අයවැය යෝජනාවල ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබුණා රාජ්‍ය බැංකුවල කොටස් ගනුදෙනුකරුවන්ට සහ තැන්පත්කරුවන්ට ලබා දෙනවා කියලා. ගනුදෙනුකරුවෝ කියන්නේ පැහැදිලිවම පුද්ගලික පාර්ශ්වයන්. එවිට සිදුවන්නේ රාජ්‍ය අයිතියේ යම්කිසි කොටසක් එළියට දීම කියලා තමයි රජය කියන්නේ. මෙහෙයුම් උපදෙස් අනුව 2019 න් පස්සේ ඕනෑම රාජ්‍ය බැංකුවක නිකුත් කරන ණයකර පැවරිය හැකි ණයකර නම් එම ණයකර කොටස් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා. මේ ණයකර මිලදී ගන්නේ සාමාන්‍ය ජනතාව නෙවෙයි ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන්, විදේශීය ව්‍යාපාරිකයන්, ආයෝජකයන්. මේ නිසා ඉබේම ඒ අය මේ බැංකුවේ කොටස්කරුවෝ බවට පත්වීමේ තර්ජනයක් මතුව තිබෙනවා. අද කොටස් වෙළෙඳපොළ තුළ තිබෙන්නේ සූදුවක් සහ තරගයක්. එතැනදී ජයග‍්‍රහණය කරන්නේ ඉතාම ඉහළ ධන කූවේරයෝ. ඒ නිසා අවසානයට සිදුවන්නේ සියයට සියයක් මෙවැනි බැංකුවල රාජ්‍ය අයිතිය අහිමිව යෑම. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශයෙන් අහනවා මේ සංශෝධනයේ සැබෑ අවශ්‍යතාවය කුමක්ද කියලා. මේ පනතට මුදල් අමාත්‍යාංශය ගෙන එන ආරක්ෂාව කුමක්ද? මෙයට මුදල් ඇමැතිවරයා වහාම ප‍්‍රතිචාර දැක්විය යුතුයි. මේ දක්වා මුදල් ඇමැති මේ ප‍්‍රශ්නයට මැදිහත්ව නෑ. අපි වසර දෙකක සිට අගමැතිවරයා සමඟ සාකච්ඡුාවක් ඉල්ලූවා. ඒත් මේ දක්වා කිසිම සාකච්ඡුාවක් ලබාදී නෑ. ඒ නිසා අපට සිදු වෙනවා ලබන හතර වැනිදාට පෙර උත්තරයක් නොලැබුණහොත් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිතර වෙන්න.
-Divaina

No comments:
Post a Comment