ඇමති බදියුදීන් විදෙස් ත‍්‍රස්ත කණ්ඩායමක් ලංකාවට ගෙන්වලා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

ඇමති බදියුදීන් විදෙස් ත‍්‍රස්ත කණ්ඩායමක් ලංකාවට ගෙන්වලා?

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා තුර්කි ත්‍රස්තවාදීන් මෙරටට ගෙන්වා ඔවුන් ආරක්ෂා කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා චෝදනා කරයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව නීතිමය පියවර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු බවයි.


එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“රිෂාඩ්ගේ සහෝදරයන් අත්අඩංගුවට ගැනීමට සාක්ෂි තිබෙනවා. අක්කර 6000ක 7000ක වංචාවෙන් මිලදී ගත්ත ඔප්පු 69ක් අපි ඉදිරිපත් කරලා තියනවා අල්ලස් කොමිසමටත්, අපරාධ විමර්ශන කොට්ඨාශයටත්.

සහරාන් ඇතුලු අන්තගාමීන්ටත් තුර්කි ත්‍රස්තවාදීන්වත් මෙරටට ගෙන්වා ආරක්ෂා කරමින් ඔවුන්ගෙන් මුදල් වරප්‍රසාද ගත්ත ඒවා ගැන සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. තානාපතිම විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කළා.

සතොසෙ වාහන අන්තවාදීන්ගේ පාවිච්චියට දීපු එක ගැන සාක්ෂිත් අපි ඉදිරිපත් කරලා තියෙනවා.

නමුත් ඔහු සියලු චෝදනා වලින් බේරිලා ඉන්නවා. බොරු නම් දාලා සතොසින් වැටුප් අරගන්නවා.

රිස්මි රිෂාඩ් කියන උපදේශකයාට ලක්ෂ 27ක් ගෙවනවා. තැන් තුනකින් ලක්ෂ 27ක් ගෙවනවා. පොලීසියෙත් සහාය රිෂාඩ්ට තියෙනවා. මුදලට අරන් තියෙනවා.”

– adaderana


No comments:

Post a Comment

Post Bottom Ad