පොහොට්ටුව ලකුණ වෙනස් කල යුතුමයි.. නැතොත් මෛත‍්‍රී වෙනම ජනාධිපතිවරණයට - ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

පොහොට්ටුව ලකුණ වෙනස් කල යුතුමයි.. නැතොත් මෛත‍්‍රී වෙනම ජනාධිපතිවරණයට - ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ අතහැර පොදු ලකුණට එකඟ නොවන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා බුලත් කොළය දකුණු අත ලකුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු පැවසීය.

ජනාධිපතිවරණය සඳහා පොදු ලකුණක් යටතේ එක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad