පෙරටුගාමීන් අතහැර අන්තරේ කැඳවුම්කරු ස්වාධින වේ - යකා වැහුනු පෙරටුගාමීන් නව කැදවුම්කරුවෙකු පත් කරන්න ජනාධිපති අපේක්‍ෂක යුද්දය පරදන යුද්දයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

පෙරටුගාමීන් අතහැර අන්තරේ කැඳවුම්කරු ස්වාධින වේ - යකා වැහුනු පෙරටුගාමීන් නව කැදවුම්කරුවෙකු පත් කරන්න ජනාධිපති අපේක්‍ෂක යුද්දය පරදන යුද්දයක

න්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වර්ථමාන කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය විසින් ස්වාධීන වීමට තීරණය කර ඇති අතර සිය ෆේස්බුක් පිටුවේද ඒ බව සදහන් කර ඇත.

මෙම තීන්දුවත් සමග මෙතක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුව තිබූ එම බල මණ්ඩලයේ බලය තම පක්ෂය මත තව දුරටත් පවත්වාගෙන යාමට නව කැඳවුම්කරුවෙකු පත්කිරීමට මේ දිනවල විශාල සටනක නියැලී සිටින බව සිසු ආරංචි මාර්ග කියයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනුප්‍රාප්තිකයෙකු වූ අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ‘රත්කරව්වේ ජිනරතන හිමි’ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ඊලඟ කැඳවුම්කරු බවට පත්කිරීමට එම පක්‍ෂය උත්සාහ දරමින් ඇත.

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය අංශය වෙනුවෙන් විවෘත විශ්වවිද්‍යාලයේ උදාර සඳරුවන්, අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගිහාන් වීරසේකර යන අය ඊලඟ විශ්වාසවන්ත ශිෂ්‍ය නායකයින් ලෙස මෙම මෙහෙයුමේම නිරතවී සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad