අපි විනය පියවර ගත්තොත් මහින්ද ඇතුළු පිරිසට මන්ත‍්‍රීකම් නෑ - අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

අපි විනය පියවර ගත්තොත් මහින්ද ඇතුළු පිරිසට මන්ත‍්‍රීකම් නෑ - අමරවීර

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයට ඉතිහාසයේ වැඩිම සෙනග පැමිණියේ මෙවර පැවති ශ‍්‍රීලනිප සම්මේලනයට බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

ආරාධනා කරන ලද පක්‍ෂ 35කින් 33කම නියෝජිතයන් පැමිණි බවත් ජී.එල්. පීරිස් හා විමල් වීරවංශ යන මහත්වරුන් පමණක් නොපැමිණි බවත් ඔහු සදහන් කලේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට විනය පියවර ගත්තේ නම් අද එහි සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිසිවෙකුට මන්ත‍්‍රී ධුර නැති බවද ඔහු පැවසීය.

කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad