ඇමති ලිස්ට් එකෙන් NSB යේ රැකියා දීම අත්හිටුවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ඇමති ලිස්ට් එකෙන් NSB යේ රැකියා දීම අත්හිටුවයි !

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුරප්පාඩු වන බැංකු සහකරුවෝ සහ කාර්යාල සහායක යන තනතුරු සඳහා සේවකයන් බඳවා ගැනීමේදී විෂයභාර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාගේ ලැයිස්තුවක් මගින් එම සේවකයන් බඳවාගැනීමේ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කර තිබේ.

2008 වසරේ සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සේවකයන් බඳවා ගැනීමේදී අනුගමනය කර ඇත්තේ මෙම ක්‍රියාපටිපාටිය වන අතර කෝප් කමිටුව විසින් ඊයේ (04) දින නිර්දේශ කර ඇත්තේ එම ක්‍රමය අත්හිටුවා සේවකයන් බඳවා ගැනීමේදී අනුගමනය කළ යුතු විනිවිදභාවයකින් යුතු නව ක්‍රමවේදයක් සකස් කරන ලෙසය.

ඒ අනුව සේවකයන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක් සකස් කර තුරු නව සේවකයන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට නිර්දේශ ඇත.

ඒ අතරේ 2017 වසරේදී එවැනි සේවකයන් 104 ක් ද, 2018 වසරේදී සේවකයන් 36 ක් ද, 2019 වසරේදී සේවකයන් 250 ක් ද බඳවා ගෙන ඇති බවත් පැවසේ.

බැංකුවේ අභ්‍යන්තර වංචාවන්ගෙන් ලැබිය යුතු ශේෂය 2018.12.31 වැනිදාට රුපියල් මිලියන 110 ක් බවත් කෝප් කමිටුව හමුවේදී හෙළිවිය.


No comments:

Post a Comment

Post Bottom Ad