යාපනය සරසවියේ මහවිරු සමරන්න සියල්ල සූදානම් කරලා, 27, 28 සරසවිය තහනම් - උප කුලපතින් දැනුම් දෙයි - (Photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 26, 2019

යාපනය සරසවියේ මහවිරු සමරන්න සියල්ල සූදානම් කරලා, 27, 28 සරසවිය තහනම් - උප කුලපතින් දැනුම් දෙයි - (Photos)

යාපනය විශ්ව විද්‍යාලය තුළ මහවිරු දිනය සැමරීම සදහා එහි සිසුන් සියළු කටයුතු යොදා තිබෙන අතරතුර උප කුලපතිවරයා විසින්  සියළුම සිසුන්ට 27 හ 28 යන දින වල විශ්ව විද්‍යාල භීමියට ඇතුළු වීම තහනම් කොට තිබේ.

මුලින්ම යාපනය විශ්ව විද්‍යාලයේ  උප කුලපති මහාචාර්ය කේ.කන්දසාමී මහතා 26 වෙනි දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ මහවිරු දිනය සැමරීම තහනම් කරණු ලැබීය.

එම නියෝගය නිකුත් කිරීමෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්  ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සදහා කේක් කපා  ඔහුගේ උපන් දිනය සැමරීමෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලය තුළ මහවිරු උළෙල පැවැත්වීම සදහා සැරසිලි කොට ඒ සදහා විශේෂ සූදානමක් සිදු කොට තිබේ.

අනතුරුව උපකුලපතිවරයා  විසින් 27 හා 28 යන දිනයන්  දෙක ඇතුළත සියළුම සිසුන්ට විශ්ව විද්‍යාල භූමියට  ඇතුළුවීම  තහනම් කොට තිබේ.

මේ තහනම් නියෝගය ඇතුළත් නිවේදනය මුළු විශ්ව විද්‍යාල භූමිය පුරාම අලවා තිබේ.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ


No comments:

Post a Comment

Post Bottom Ad