ගිවිසුම්ගත වූ ඇමති ධුර ප‍්‍රමාණය නොලැබුණේ යයි ශ‍්‍රීලනිපය නොසතුටින්.. ජනපති සමග සාකච්චාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 26, 2019

ගිවිසුම්ගත වූ ඇමති ධුර ප‍්‍රමාණය නොලැබුණේ යයි ශ‍්‍රීලනිපය නොසතුටින්.. ජනපති සමග සාකච්චාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන අතර ගිවිසුම අත්සන් කළ ආකාරයට කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ඇමති ධුර නොලෙැබුනේ යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලීමක් කර තිබේ.

පක්ෂ දෙක අතර අත්සන් කළ ගිවිසුම අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමතිධුර 4ක් ලබා දීමට නියමිතව තිබූ බවද එම පක්ෂය කියාසිටී.

නමුත් කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad