ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළඹෙන ජනවාරි මස 03දා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු යළිත් වාරාවසාන කිරීමට කටයුතු කළහොත් බහුතර බලය පෙනෙනවා එය යළි රැස් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සඳහන් කරයි.
සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් විසින් පාර්ලිමේන්තුව ලබන 3 වනදා නැවතත් වාර අවසාන කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.
2018 ඔක්තෝබර් මාසයේ දින 51 කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ කාලයේදීද පාර්ලිමේන්තුව මෙසේ වාරාවසාන කර තිබියදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාව බලය පෙන්වා පාර්ලිමේන්තුව නැවතත් රැස් කළ බවද මන්ත්‍රීවරයා සිහිපත් කරයි.
එවර පාර්ලිමේන්තුව කල් තැබූ මෙවර වාර අවසාන කළහොත් නැවතත් බලය පෙන්නුම් සූදානම් බවද ඔහු සඳහන් කළේය.
-Lankacnews.
Sunday, December 22, 2019
Home
දේශපාලන
ජනාධිපතිට විරුද්දව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න එජාපය සූදානම්,03 වැනිදා තීරණාත්මකයි.
ජනාධිපතිට විරුද්දව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න එජාපය සූදානම්,03 වැනිදා තීරණාත්මකයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment