මෛත්‍රීත් 2020 තරග බිමේ - මංගල සටනට පෙර නැටුමක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

මෛත්‍රීත් 2020 තරග බිමේ - මංගල සටනට පෙර නැටුමක

දේශපාලනයෙන් සමුගැනීමට තීරණයක් ගෙන නොමැති බවත්, ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයට තරඟ කරන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා තිබේ. පසුගිය ඉරිදා රාත්‍රියේ වැලිගම මැරියට් හෝටලේ පැවති සුහඳ හමුවකට එක්වෙමින් සමරවීර මහතා මේ බව පවසා ඇති බව

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් උපකාර කල සිය හිතවතුන් පිරිසක් වෙනුවෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් එම සුහඳ හමුව පවත්වා තිබිණ.

මංගල සමරවීර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් කළ විමසීමේදී තමන් කිසිඳු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නොකළ බව කී බව ද ලීඩර් වාර්තා කර ඇත.

ජනාධිපතිවරණ පරාජයෙන් හුදෙකලාවී සිටින පාක්ෂිකයින් අතහැර පලායාමට තමා කිසිවිටෙකත් සුදානම් නොමැති බව මංගල සමරවීර මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළ බවද පැවසේ.

දෙසැම්බර් මස මැද භාගයේදී තමා දින කිහිපයකට විදේශගතවීමට නියමිතබවත් ඉන් අනතුරුව වහාම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා දිවයිනට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මංගල සමරවීර මන්ත්‍රීවරයා සිය හිතවතුන් සමග පසුගිය ඉරිදා රාත්‍රී නර්තනකට ද එක්ව සිටි බව වාර්තා වේ.


කෙසේවුවද. මීට පෙර මාධ්‍ය වාර්තා පලව තිබුණේ සමරවීර මහතා දේශපාලනයෙන් සමුගැනීමට සූදානම්වන බවටය.

මෛත්‍රී

මේ අතර, 2020 මහ මැතිවරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

ඔහු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධානගතවන පක්ෂයකින් මෙසේ තරග වැඳීමට නියමිත බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad