රන්ජන් රාමනායකට ඇප - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

රන්ජන් රාමනායකට ඇප


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

අද පස්වරුවේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැරුණු රාමනායක මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

මාදිවෙල පිහිටි ඔහුගේ නිවසේදී රාමනායක මහතා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත්තේ ය.

ඒ, එම නිවස කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සෝදිසියකට ලක් කිරීමෙන් අනතුරුවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රන්ජන් රාමනායක මහතාගේ නිවස ඊයේ පස්වරුවේ පරීක්ෂාවට ලක් කළේ ය.

පොලීසිය පැවසුවේ එහිදී බලපත්‍ර නොමැති පිස්තෝලයක්, එම අවිය සඳහා භාවිත කරන 9MM උණ්ඩ 127 සහ සැක කටයුතු ලේඛන කිහිපයක් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය එහි තිබී සොයා ගත් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad