මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 10, 2020

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

දිරි මාර්තු මාසයේදී ආරම්භ වන යල කන්නයේ සිට වී වගාව වෙනුවෙන් අවශ්‍ය වන පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම පොහොර ලබා දෙන්නේ කුඹුරු හෙක්ටයාර් දෙකක උපරිමය සඳහා අවශ්‍ය වන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණය බවයි.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.

මේ දිනවල පවතින පොහොර හිගයට හේතුව පසුගිය කාලයේ පොහොර ආනයනකරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 6ක් පමණ මුදලක් ගෙවා නොතිබීම බව ද ඇමතිවරයා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad