නාවලපිටිය කුරුදුවත්ත නගරයේද කළු කොඩි ඔසවා තිබු අතර , ඝාතන කුමන්ත්‍රණයට විරෝධයට පාමින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය නගර සභාව නියොජනය කරන නාගරික මන්ත්‍රිවරුන් 6 දෙනෙකු (විපක්ෂයේ ) මාසික සභා රැස්විමට කළු පටි අතේ පැලද මාසික සභා රැස්විමට සහභාගි වෙමින් සිය විරෝධය පැමක් සිදු කරන ලදි.
නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථ ගාල් වලද කළු කොඩි ඔසවා තිබු අතර , නාවලපිටිය නගරයේ උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් කියා සිටියේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සියළු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවයි.
එසේ නිතිය ක්‍රියාත්මක නොකල හොත් ඝාතක කුමන්ත්‍රණය පාදක කර ගනිමින් ඉදිරියේදි මිට වඩා දැවැන්ත උද්ඝෝෂන ව්‍යාපාර සිදු කරන බව උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් අවධාරණය කර සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:
Post a Comment