විපක්‍ෂ නායක පුටුව මං රනිල්ට දුන්නා… ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි..- සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 4, 2020

විපක්‍ෂ නායක පුටුව මං රනිල්ට දුන්නා… ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි..- සජිත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස තමන්ට හිමිවූ ආසනය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වැඩිහිටි කමට ජ්‍යෙෂ්ඨත්වයට සලකමින් තමන් එම ක්‍රියාමාර්ගය ගත්තේ යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ ජනහමුවක් අමතමිනි.

මීට පෙර වාර්තා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමෙන් පසු එහි ආසන්න ආසනය නොව ඊට එහා පැවති ආසනයක් වෙන් කර දෙන ලෙස ඉල්ලා සිටි බවය.

No comments:

Post a Comment

Post Bottom Ad