ඉදිරි අගෝස්තු මාසයේ දී රජය විසින් අයවැයක් ඉදිරිපත් කරන තෙක් මෙරට මාර්ග, ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
මහා භාණ්ඩාගාර නිලධාරියෙක් උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත මේ බව වාර්තා කරයි.
අගෝස්තු මාසයේ නව රජයක් විසින් අයවැයක් ඉදිරිපත් කරන තුරු ව්‍යාපෘති සඳහා කිසිදු මුදලක් වෙන් නොකරන බව අමාත්‍යාංශ වෙත දැනුම්දී ඇතැයිද සඳහන්ය.
ඒ අනුව පාසැල්, රෝහල් මාර්ග, වෙනත් පොදු ගොඩනැඟිලි ඇතුළු රජයේ ගොඩනැඟිලිවල ඉදිකිරීම් කටයුතු අත්හිටවනු ඇත.
අගය එකතු කළ බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද රජය විසින් අඩු කිරීමෙන් රාජ්‍ය ආදායම පහත වැටී ඇති බවත් මෙනිසා ප්‍රධාන ව්‍යාපෘති සඳහා වියදම් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කර ඇති බවත් අදාළ නිලධාරියා සඳහන් කර තිබේ.
Saturday, January 4, 2020
භාණ්ඩාගාරයට මුදල් නෑ.. මහා පරිමාණ සියළු ඉදිකිරීම් නවත්වයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment