"එජාප මන්ත‍්‍රීන් රජයෙන් දුන් ගිනිඅවි යළි භාරදෙනවා."- පා.ම ආශු මාරසිංහ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

"එජාප මන්ත‍්‍රීන් රජයෙන් දුන් ගිනිඅවි යළි භාරදෙනවා."- පා.ම ආශු මාරසිංහ


රජය මගින් ලබාදී ඇති ගිනි අවි නැවත භාරදීමට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු සූදානම් වෙති.

බලපත‍්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ළග තබා ගත්තැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ඊයේ (05 දා) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල වුවත් ඔහු අත්අඩංගුවට ගත් පටිපාටිය අනුමත කළ නොහැකි බවද ඔහු කීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන සංයුක්ත තැටි සොයා ගෙන ඇති බවට ප‍්‍රකාශ වුවත් එවැනි තැටි ළ`ගතබා ගැනීම වරදක් යැයි තමන්ට පැහැදිලි නොමැති බවද ඒ මහතා කීය.

මෙවැනි චෝදනා යටතේ මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා නම් පක්‍ෂ විපක්‍ෂ දෙපැත්තේම මෙවැනි පිරිස් සිටිය හැකි බවද ඒ මහතා කීය. තමා දන්නා හැටියට නම් යම් පුද්ගලයකු විසින් ගිනි අවි බලපත‍්‍රය අලූත් කරගෙන නොමැති නම් එම පුද්ගලයාට ගිනි අවි බලපත‍්‍රය අහෝසි වන බවත් එය අලූත් කරගන්නා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් දැනුම් දීම් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා -Divaina

No comments:

Post a Comment

Post Bottom Ad