කථානායක ධුරයෙන් ඉවත්ව මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්වන ලෙසට කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂය යෝජනා කර ඇත.
මහා මැතිවරණය මෙහෙයවීම නායකත්ව මණ්ඩලයකින් සිදුකරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කරන ලදී. නමුත් පසුගියදා පැවති සාකච්ඡාවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙහෙයුම් මණ්ඩලයක් ස්ථාපිත කර මැතිවරණය මෙහෙයවන බවයි. මෙම මෙහෙයුම් මණ්ඩලයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබාදීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත.
කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වයට පත්කළ යුතු බවටද යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇත. මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඒකාබද්ධව මෙහෙයවිය යුතු බව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහස වී ඇත.
– aruna


No comments:
Post a Comment