ජනාධිපතිවරයා විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඒ බව ඉතා පැහැදිලි වන බවද පැවසූ සමරවික්‍රම මහතා එජාපයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්තිම එහි පැවසූ බවද සදහන් කලේය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය විසින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තමන් ඇතුළු පාර්ශ්වයද බැන වැදුණේ ද වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දෙන ආණ්ඩුව විසින් බවද ඔහු සිහිපත් කළේය.
ජනාධිපතිවරයාගෙන් වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම සිදු කිරීම ගැන ඉතාම සතුටු වන බවද ඔහු සඳහන් කළ අතර හම්බන්තොට කර්මාන්ත නගරයක් කරන බව එක්සත් ජාතික පක්ෂය ද කලින් පැවසූ බවත් දැන් ජනාධිපතිවරයා ද ඒ බව පැවසූ බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:
Post a Comment