සායනික අපද්‍රව්‍ය සහිත කසළ කන්ටේනර් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට මෙරට සමාගමට අවසරය ලබා දුන්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස එවකට ජාත්‍යන්තර වෙළෙඳාම සහ උපාය මාර්ගික අමාත්‍යාංශයේ ලේකම්වරයා නියම කර තිබුණද එය තවමත් නිමාවී නැතැයි 'රාවය' පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් චම්පිකා මලල්ගොඩගෙන් මේ ගැන විමසූ විට කියා සිටියේ විමර්ශන කටයුතු තවමත් නිමවී නැති බවය.
ආයෝජන මණ්ඩලයේ පරිසර අංශය වෙළෙඳ කලාප අංශය ඇතුළුව තවත් අංශ කීපයක නිලධාරීන් මේ සම්බන්ධයෙන් වගකිවයුතු බව මණ්ඩලයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ කසළ අඩංගු බව කියන කන්ටේනර් තොගයෙන් 5ක් රේගුවේ නිලධාරීන් පසුගිය වසරේ ජුලි 10 දා ද විවෘත කළේ ය. මූලික විමර්ශනයෙදී අනාවරණය වුයේ ඒවායේ කසළ අඩංගු බව ය.
මෙවැනි කන්ටේනර් 102ක් දිවයිනට ගෙන්වා ඇති අතර එයින් 94ක් හඳුනාගෙන තිබිණ.
අතර බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු රෝහල් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් ලංකාවට රැගෙන ආවේ ප්‍රකට ව්‍යාපාරිකයකුට කොටස් හිමි ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් විසින් බවට වාර්තා පළ වී තිබු අතර එම ව්‍යාපාරිකය පසුගිය ජනධිපතිවරණයේ දී ප්‍රධාන පාර්ශව දෙකටම නොමසුරුව රුපියල් කොටි ගණනින් ආධාරකර ඇති බව වාර්තාවේ.
Tuesday, January 7, 2020
රට කුණුවලට හිරවූ නිලධාරීන් ගෝඨාභයගේ ආණ්ඩුව යටතේත් නිදැල්ලේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment