රංජන් රාමනායක අධිකරණයට බලපෑම් කිරීමට තමන් විරෝධයපාන බවත් ඔහු බැලීමට බන්ධනාගාරයට යෑම පිළිබඳ කනගාටු වන බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.
“මමත් මාස හතරක් හිරේ හිටියනේ අපි හිරේ ගිහින් අවා. ප්‍රශ්නයක් නැනේ මේ හොඳින් ඉන්නේ. දේශපාලන අනාගතේ හොඳ දෙයක් වෙයි. මම රංජන්ගේ ප්‍රවෘත්තිය බැලුවා. හිරු එකෙත් පෙන්නුවා, සිරසෙත් පෙන්නුවා,
හැබැයි රංජන්ගේ වැඩේ මම අනුමත කරන්නේ නෑ. ඒ කියන්නේ උසාවිවල කාටහරි බලපෑම් කරලා, සිඅයිඩි එක්ක සාකච්ජා කරලා, දුමින්ද සිල්වා වගේ තරුණයෙක්, ඔහුට අසාධාරණයක් වුණාද දන්නෑ. මන් දැක්කේ මේක ටිවී එකේ විතරයි. අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අධිකරණය කවදත් පක්ෂපාතිත්වයක් නෑ. අපක්ෂපාතිත්වය පවතින තැනක්. අධිකරණය බොහෝම ශ්‍රේෂ්ඨයි ලංකාවේ.
නමුත් ඒ ටෙලිෆොන් සංවාදය බැලුවහම මම කනගාටු වුණා රංජන් රාමනායක බලන්න යෑම ගැන. ඒවා ඇහුවහම ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියලා හිතෙනවා. එකට මම බලවත් විරෝධය පානවා. දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සජින් වාස්, සරණ ගුණවර්ධන අපි හතර දෙනා හිටිය නම් අදත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.
මමත් ඡන්ද එක්ලක්ෂ හැට දාහක් ගත්තා. ලක්ෂ දෙක හමාරකින් පැරදුණේ. අපිට නොමිනේෂන් දුන්නේ නෑ. දුමින්ද සිල්වා හිටියා නම් ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව එතුමත් ගන්නවා ඡන්ද ලක්ෂ දෙකකට වැඩිය. සජින් වාසුත් ගන්නවා, සරණ ගුණවර්ධනත් ගන්නවා. අපි හතර දෙනා ගන්නවා ලක්ෂ හතරකට වැඩිය.”
Tuesday, January 7, 2020
Home
ප්රවෘත්ති
රංජන් බලන්න යෑම ගැන අද මම කනගාටු වෙනවා! මට නොමිනේෂන් දුන්නා නම් අදත් ජනපති මහින්ද! – ආචාර්ය මර්වින් සිල්වා
රංජන් බලන්න යෑම ගැන අද මම කනගාටු වෙනවා! මට නොමිනේෂන් දුන්නා නම් අදත් ජනපති මහින්ද! – ආචාර්ය මර්වින් සිල්වා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment