ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන් නව වසරට යැවූ හැම්පර් ජනාධිපති කාර්යාලයෙන් හරවා එවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

ප‍්‍රමුඛ ව්‍යාපාරිකයන් නව වසරට යැවූ හැම්පර් ජනාධිපති කාර්යාලයෙන් හරවා එවයි

2020 නව වසර වෙනුවෙන් මෙරට ප්‍රධානතම පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලය වෙත යවන ලද ‘හැම්පර්’ කිහිපයක්ම නැවත හරවා යැවීමට කටයුතු කර තිබේ.

මේ නිසා එම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත්ව ඇතැයි සමීප ආරංචි මාර්ග පවසයි.


මෙතෙක් සිටි සියලු ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති කාර්යාලට නව වසරටත්, සිංහල අලුත් අවුරුද්දටත් සුබ පතමින් හැම්පර් යැවීම මෙම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සිරිත් පරිදි කරන ලද්දකි.

නමුත් මෙවර 2020 නව වසර වෙනුවෙන් යවන ලද හැම්පර් නැවත හරවා එවීම ගැන ඔවුන් පුදුමයට පත්ව ඇතත් එම කටයුත්ත අගය කිරීමටද කටයුත්තක් යයිද ව්‍යාපාරික පිරිස් සමග පවසා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad