පාස්කු ප‍්‍රහාර ගැන මෛත‍්‍රිගෙන් ප‍්‍රකාශ ගනී.. රහස් පොලිසියට කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

පාස්කු ප‍්‍රහාර ගැන මෛත‍්‍රිගෙන් ප‍්‍රකාශ ගනී.. රහස් පොලිසියට කැදවයි

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම හෙට හෝ අනිද්දා දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.

අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියේය.


ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දිනයක් ලබාදී නැතැයි ද ඔහු සඳහන් කළේය.

හිටපු ආණ්ඩුකාර වරුන් වන අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරමින් මේ බව ඔහු දැනුම් දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad